සංගීතවිද්‍යා සංකථන

සංගීතවිද්‍යා සංකථන

රු270.38

ISBN 978-624-5785-06-3

සංගීතවිද්‍යා සංකථන (Sangeetha Widya Sankathana)

සංස්කරණය
කෝලිත භානු දිසානායක
චිල්ටස් දයාවංශ
VAPA ප්‍රකාශනයක්.

25% Discount for Online Orders

General price Rs. 350.00
25% Discount (for online orders) Rs.87.50
Online Price Rs. 262.50
Bank Charges 3% Rs. 7.88
Net. Price Rs. 270.38

Courier Charge will be added to this price on checkout.

Description

සංගීතවිද්‍යා සංකථන

ISBN 978-624-5785-06-3

පිටු 118 යි.

සංගීතය සූක්‍ෂම කලාවකි. සංගීත භාවිතාවේ ඇති සිය ුම් න්‍යායාත්මක කරුණු ගැඹුරින් අධ්‍යනය
කරන විට එහි භාවිත සියුම්කම් විද්‍යාත්මක ව හඳුනාගත හැකි ය. එ ් සඳහා සෛද්ධාන්තික සංගීත
අධ්‍යනයක් අත්‍යවශ්‍ය වේ. සංගීත ලොව සම්මත සංගීත සම්ප්‍රදායන් ත්‍රිත්වය විමසුමට ලක්කරණ විට
සංගීතවිද්‍යාව සතු සුක්ෂ්මතාවේ ප්‍රබලත්වය ගැඹුරින් හැඳින ගත හැකි ය.
මේ සඳහා නාද නිෂ්පත්තිය, නාද ආකෘතික ප්‍රස්තුතයන්, ගායන විධි, සංගීත මෙවලම් ආශ්‍රිත ශිල්ප
විධි සහ සංගීත ව්‍යවහාරයන් පිළිබඳ ව විමසන විට ‘සංගීතවිද්‍යා සංකථන’ කෘතිය න්‍යායාත්මක
අවබෝධය පිණිස ඉතා ප්‍රයෝජනවත් වන බව හඳුනාගත හැකි ය.
සිංහල මාධ්‍යයෙන ් සංගීතවිද්‍යා විෂය න්‍යායාත්මක ප්‍රවර්ධනය පිණිස ශාස්ත්‍ර ිය පර්යේෂණ කෘති
පළවන්නේ ඉතා අල්පවශයෙනි. මෙම ඌණතාව සංගීතවිද්‍යා විෂය ප්‍රාමාණිකව හදාරන ්නන්ට විශාල
ගැටලුවකි.
මහාචාර්ය කෝලිත භානු දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිල්ටස් දයාවංශ, සංගීත විද්වතුන ් දෙපළ
එක් ව සමිත සමරතුංගගේ සහය සංස්කරණයෙන් “සංගීතවිද්‍යා සංකථන” ශාස්ත්‍රිය පර්යේෂණ
කෘතිය ඉදිරිපත් කිරීම සංගීතවිද්‍යා විෂය ප්‍රවර්ධනයට මනා දිරිදීමක් ලෙස හඳුන ්වා දිය හැකිවන්නේ
සංගීතවිද්‍යා න්‍යාය සම්පාදනයේ දී සිංහල මාධ්‍යයෙන ් ප්‍රමාණවත් තරම් ම ූලාශ්‍ර කෘති
නොමැතිකමෙනි.
‘සංගීතවිද්‍යා සංකථන’ කෘතිය ප්‍රධාන අංශ හතරක ් යටතේ තොරතුරු ගෙනහැර දක්වයි.
පළම ු අධ්‍යනය – උත්තර භාරතීය ශාස්ත්‍රිය සංගීතය පිළ ිබඳ ව ය. නාද නිෂ්පත්තිය, නාදමය ආකෘති,
ගායන හා සංගීත භාණ්ඩ ආශ්‍රිත ශිල්ප, නාද, තාල, වෘත්ත හා මාත්‍රා භාවිතාව, මෙන ් ම ප්‍රාසාංගික
ධර්මතා හා ආචාරධර්ම සම්බන ්ධව තොරතුරු ඉදිරිපත් කෙරෙයි.
දෙවන අධ්‍යනය – බටහිර ශාස්ත්‍රිය සංගීතය පිළිබඳ ව ය. එය ද පළම ු උල්ලාසයේ ඇති තේමාවන්
ඔස්සේ විමර්ශනය කෙරෙයි.
තෙවන අධ්‍යනය – කර්නාටක ශාස්ත්‍රිය සංගීත විෂය පිළ ිබඳ ව විමසුමක ි. මේ විමසුමේ දී ද පළම ු හා
දෙවන උල්ලාසයන් මඟින් ඉදිරිපත් කෙරෙන විෂය ක්ෂේත්‍ර ඇසුරින් කළ විමසුමකි.
හතරවන අධ්‍යනය – සංගීත පද්ධතියක ශිල්ප ීයත්වය, අභිමානය හා ස්වාධිපත්‍ය උදෙසා න්‍යාය
බලපාන අයුරු විමසුමට ලක්කිරීමකි. එ ් අනුව සංගීතය සූක්‍ෂම කලාවක් වන්නේ කෙසේදැයි යන
තේමාව හඳුනාගත හැකි ය.
සංගීත විෂය හදාරන විශ්වවිද්‍යාලයීය හා උසස් අධ්‍යයන ආයතනවල විද්‍යාර්ථීන්ට, සංගීත
ගුරුභවතුන ්ට හා මෙම විෂයට ඇල්මක් ඇති සියලු රසික සද්ජනයාට සප්‍රයෝජනවත් කෘතියකි

Additional information

Weight 0.146 kg