Application Download

E-Book Store

About VAPA Press

Publication Policy

Authors

Publications

සෞන්දර්යයේ
සිංහල ජන ගායන ශෛලී
ජ’පුරේ
ඉහළම ඇගයුමට

මෙරට සාහිත්‍ය අභිවෘද්ධිය පිණිස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් වාර්ෂික ව සංවිධානය කරන “විද්‍යෝදය සාහිත්‍ය සම්මාන” උළෙලේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය “වාපා යුනිවර්සිටි ප්‍රෙස්” ප්‍රකාශයට පත් කළ, පළමු ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ ආචාර්ය සමන් පනාපිටියගේ ‘සිංහල ජන ගායන ශෛලී’ කෘතියට 2021 වසරේ විශිෂ්ඨතම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියට හිමි සම්මානය සැප්තැම්බර් මස 01 දින හිමිකරගත් වග සොම්නසින් වාපා පාඨක සහෘදයින් වෙත දන්වමු.

සිංහල ජන ගායන ශෛලී ලැබූ මේ සම්මානය පැති කීපයකින් ප්‍රථමස්ථාන අත්පත් කර ගැනීම විශේෂිත ය. වාපා යුනිවර්සිටි ප්‍රෙස් පළමු ග්‍රන්ථය මෙය වේ. ආචාර්ය සමන් පනාපිටියගේ පළමු ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියයි. විද්‍යෝදය සම්මාන උළෙලේ ශාස්ත්‍රීය පර්යේෂණ අංශය හඳුන්වා දුන් පළමු අවස්ථාවේ ලබාගත් පළමු ජයග්‍රහණයයි.

සිංහල ජන ගායන ශෛලී කෘතිය මානවවංශ සංගීතවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ප්‍රබල දායකත්වයක් සපයන පූර්වගාමී පර්යේෂණ කෘතිය ලාංකේය ජන ගායනා වර්ගීකරණය පිළිබඳ ව මතුවී තිබෙන ගැටලු සඳහා විද්‍යාත්මක පිළිතුරක් මෙම කෘතියෙන් ගොඩනඟා ඇත. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් මුද්‍රණය කිරීමේ දී අනුගමනය කළ යුතු උසස් මුද්‍රණ නිමාව මෙහි අනෙක් විශේෂත්වයයි. මේ පසුබිම ඇගයුම් මණ්ඩලයේ විශේෂ අවධානයට යොමු වූ වග හේතුපාඨ දැක්වීමේ දී සඳහන් කරන ලදී.

විද්‍යෝදය සම්මාන හිමිකර ගත් ආචාර්ය සමන් පනාපිටිය මහතාට මෙන් ම, වාපා යුනිවර්සිටි ප්‍රෙස් බිහිකිරීමේ නිර්මාණ සංකල්පධාරී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය රෝහණ පී. මහලියනාරච්චි මහතාට ද “සිංහල ජන ගායන ශෛලී” ජනගත කිරීම සඳහා දායක වූ වාපා ප්‍රෙස් ළබැඳියන් සියලු දෙනා වෙත ද වාපා යුනිවර්සිටි ප්‍රෙස් සොම්නසින් කෘතවේදීත්වය පළ කරයි.

No. 21, Albert Crescent, Colombo 07, Sri Lanka.

Tel :+94 112 0 33 717 / +94 112 690240

Fax : +94 112 686071

vapapress@vpa.ac.lk