Colombo කළම්බෝ (මේ ඔබේ මිනී පෙට්ටියේ කථාවයි)

Colombo කළම්බෝ (මේ ඔබේ මිනී පෙට්ටියේ කථාවයි)

රු734.00

ලංකාව නම් ලෝකය කොළඹ නගරය වටා කේන්ද්‍රීය වී ඇති බව අවිවාදිත ය. ජීවන අභිලාශයන් මුදුන් පමුණුවා ගනු පිණිස කොළඹ නගරය; ඒහා තදානුබද්ධ අර්ධනාගරික වටපිටාවට ගාල්වීම යටත් විජිත යුගයේ ආරම්භ වූ ප්‍රවණතාවකි. නූතන කොළඹ භෞතික හා අභෞතික ජීවන විලාසයන් සංකීර්ණ ය. මනුෂ්‍යත්වයේ සාරාර්ථ පරමාර්ථයන් යටපත් කර පුද්ගල හා සමාජ පන්ති ගැටුම ශීඝ්‍රයෙන් වර්ධනය වන සමාජයීය අර්බුදයක් බවට පත් වී ඇත. මේ සන්දර්භය සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු ප්‍රතිනිර්මාණය, කරනුයේ කොළඹ ගැටුම වේදිකාව මත දිගහරිමිනි. ‘ක්‍දකදපඉද කළම්බෝ’ වේදිකා නාට්‍ය 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, රචනය, නිළිය, සංගීතය, රංග වින්‍යාසය, හා වේදිකා කළමනාකරණය සඳහා වසරේ රාජ්‍ය නාට්‍ය සම්මාන රැසක් හිමිකරගනු ලැබීය. අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනයට ද වරම් ලද මේ නාට්‍යය ප්‍රේක්ෂක ප්‍රජාවට තමා තුළ කමා අතරමං වී සිටින අයුරු සොයා බැලීමට කළ ආරාධනාවක් බඳු ය. දීර්ඝ නාට්‍යමය ජවනිකා ආකෘතිය යටතේ දිගහැරෙන මේ නාට්‍යයේ, සාමාජයීය මාන හතරකින් කොළඹ නගරය විමසුමට ලක්කරනුයේ පුද්ගල ජීවන චර්යාවන් තුළ ප්‍රෙක්ෂක මනස ගිල්ලවමිනි. විහාර මහා දේවි උද්‍යානයේ සිට ප්‍රේම කිරීම සඳහා බංකුවක් සොයන පෙම්වතුන්, බොරැල්ල උමං මාර්ගයේ අතරමංව සිටිය දී ක්ලේමෝ බෝම්බයක් හමුවන පෙම්වතුන් යුවළ, අවසාන බස්රථයේ ජවනිකාව හා මරණය මත රමණයේ ජවනිකාව ලෙස නාට්‍යයේ ආකෘතිගත මුහුණුවර දැක්විය හැකිය. ‘ක්‍දකදපඉද කළම්බෝ’ නාට්‍යයේ කථා ආකෘතිය, චරිත නිරූපණය, නාගරික වාක් ව්‍යවහාර, නාට්‍ය පසුතල, සංගීත රචනය, පමණක් නොව නාට්‍ය පිටපත නාට්‍ය විෂය හදාරන විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් වනුයේ මෙම නාට්‍යයේ සමස්තය සතු නැවුම් අපූර්වත්වය නිසා ය. පළමුවරට නාට්‍ය පෙළ මුද්‍රණය වූයේ 2022 වසරේ දී ය. එයට 2023 වසරේ දී හොඳම නාට්‍ය කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශ විය. වාපා ප්‍රකාශනයක් ලෙස ‘ක්‍දකදපඉද කළම්බෝ’ නාට්‍ය පිටපත ලබාගත හැකිය.

Description

ISBN 978-624-5785-12-4

Colombo කළම්බෝ (මේ ඔබේ මිනී පෙට්ටියේ කථාවයි)

මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු
VAPA ප්‍රකාශනයක්.

25% Discount for Online Orders

General price Rs. 950.00
25% Discount (for online orders) Rs. 237.50
Online Price Rs. 712.50
Bank Charges 3% Rs. 21.50
Net. Price Rs. 734.00

Courier Charge will be added to this price on checkout.

ප්‍රමාණය මි.මි. 142 x 225 (ඩිමයි 1/8)
ඇතුළත ආදේශිත සුදු කඩදාසි 70 gsm
පිටු 107 යි.
කෘතියේ බර 150 g

Additional information

Weight 0.150 kg