University Song

දෙස බස නංවන කිතු ගොස රන්දන
දැයම විරාජිත කළ එළියයි
ජය දද බන්දන සිරිදුව කැන්දන
ලලිත කලාවේ සරසවියයි

 

පසතුරු පසනද නිරතුරු වෙනනද
නවනළු රස මුසු රංගනයයි
තෙලි තුඩ නංවන රේඛා
රංජන කරවන දර්ශනයයි

 

දෙස බස …

 

දස දෙස පූජිත හෙළ අභිමානය
විදහල ශක්තිය ඔබයි අපේ
දිදුලන ලකඹර පෙරමුණ වී
නංවනු අප ඥාණාලෝකේ

 

දෙස බස …

 

පද රචනය : ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ
සංගීත නිර්මාණය : මහාචාර්ය කෝලිත භාණු දිසානයක

University Song