බැලන්ස් බාර් එකේ බුෂ් එක බුරුල් (රේඩියෝ කථා)
රු927.00
රේඩියෝ නාට්‍ය ලොව ප්‍රකට ශ්‍රව්‍ය මාධ්‍ය කලාවකි. ඈත අතීතයේ සිට කටින් කට කතන්දර කීමේ කලාවේ නූතන විද්‍යුත් නිර්මාණ අඩවියක් ලෙස රේඩියෝ නාට්‍ය කලාව හැඳින්වෙයි. දෙබස්, කථන හා චරිත නිරූපණය මඟින් ශ්‍රාවක මනසෙහි ස්වාධීන කථා කලාවක් ගොඩනැඟීම රේඩියෝ නාට්‍ය කලාවේ මුඛ්‍ය පරමාර්ථය වෙයි. ලංකා ගුවන්විදුලිය බිහිවීමත් සමඟ මෙරට ශ්‍රාවක ප්‍රජාවට ගුවන්විදුලි නාට්‍ය කලාව එනම් නව ශ්‍රව්‍ය ශානරය සමීප විය. නාඳුනන ශ්‍රාවකයා වෙතට සමීප වීම මඟින් ශ්‍රාවක රසවින්දන චින්තන හා අපූර්වත්වය එක්කිරීම යන තේමා යටතේ ප්‍රචලිත වූ රේඩියෝ නාට්‍ය කලාවේ ප්‍රමුඛතම අංගය වන්නේ රේඩියෝ නාට්‍ය පිටපත් රචනයයි. එම නිර්මාණාතමක පිටපත අරුත් ගන්වමින් එයට ජීවය කැවීම හඬ නළු – නිළියන්ගේ කාර්යය වේ. සාම්ප්‍රදායික රේඩියෝ නාට්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ නිර්මාණශීලී මෙන් ම විවාදපන්න නාට්‍ය රචකයකු ලෙස මාලක දේවප්‍රිය අනන්‍යතාවක් ගොඩනඟා ගත් ඉහළ ශ්‍රාවක ආකර්ශනයක් සහිත නිර්මාණකරුවෙකි.
‘බැලන්ස් බාර් එකේ බුෂ් එක බුරුල්’ මාලකගේ අභිනව රේඩියෝ නාට්‍ය කෘතියයි. මෙරට ගුවන්විදුලි නාට්‍ය කලාව පිළිබඳ ඉතා අර්ථවත් මෙන් ම පර්යේෂණාත්මක දීර්ඝ පෙරවදනක් මේ කෘතියට ඇතුළත් වේ. එය මෙම විෂය හදාරන සැමට ඉතා වැදගත් වන්නේ මෙතෙක් එවැනි ශාස්ත්‍රීය ලිපියක් ජනගත වී නැති හෙයිනි. රේඩියෝ නාට්‍ය 10ක් මේ කෘතියට අන්තර්ගත වේ. නූතන සමාජයීය මිනිස් ක්‍රියාකාරකම් හමුවේ සමාජයක් ලෙස පුද්ගලයා මුහුණ දෙන යථාර්ථයන් මේ රේඩියෝ නාට්‍ය සියල්ලට ම ප්‍රස්තූතය වී තිබේ. සරල බස්වහරක් භාවිත කළ ද එය රූපකාර්ථවත් මෙන් ම ගැඹුරු ජීවන දර්ශනයක පිහිටා විදාරණය කිරීමට මාලක සමත් වේ. රේඩියෝ නාට්‍ය සජීවී සමාජයෙන් බැහැර නොවූවකි. සාර්ථක පිටපත් රචකයින්ගේ සරු රචනා නොමැති ඌණතාව සපුරාලීමට ද ඒකාකාරී ගුවන්විදුලි නාට්‍ය කලාවෙන් පිටපැන සිතීමට පොළඹවන ‘බැලන්ස් බාර් එකේ බුෂ් එක බුරුල්’ නැවුම්, මිහිරි මෙන් ම නිර්මාණාත්මක ශ්‍රාවක පිපාසයට පින්තාලියක් මුණගැසුනා සේ ආශ්වාදයකි. පාඨක රස වින්දනය පුළුල් කරමින් කදිම මිහිරක් වින්දනය කළ හැකි කෘතියකි.