සංගීතවිද්‍යා පරිඥානය
රු945.75
සංගීතවිද්‍යාව යන විෂය නාමය විවාදාපන්නය. දුර්මත රැසකින් සමාජගත වූවකිග ශාස්ත්‍රානුකූලව සංගීත විෂය හැදෑරීමෙන් පමණක් නොව විද්‍යානුකූල අධ්‍යයනයකින් සංගීතවිද්‍යාව යනු සංගීතය පිළිබඳ මනා අවබෝධයක් හා ඥානයක් ගොඩනඟා ගත හැකි විෂයයක් බව වටහා ගත හැකිය. ආචාර්ය අනුර රත්නසේකර ප්‍රායෝගික ලෙස සංගීතවිද්‍යාව හැදෑරූ විද්වතෙකු මතුනොව විශ්වවිද්‍යාලයීය පර්යේෂණකාමී ආචාර්යවරයෙකි. එයින් ලද පන්නරය ඉන්දීය සංගීත අධ්‍යයනයක් ඔස්සේ ප්‍රායෝගික ලෙස අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ‘සංගීතවිද්‍යා පරිඥානය’ කෘතිය ලාංකේය සංගීත ලැදි ප්‍රජාවට තිළිණකර තිබේ.
ඉතා ගැඹුරු අධ්‍යයනයක් සේම සිංහල බසින් විග්රහ කිරීම දුෂ්කර සංගීත විෂය ගණිතමය ඥානය හා විදුහුරු පසුබිම ඕනෑම පාඨකයෙකුට වටහාගත හැකි ලෙසින් මේ කෘතියේ දී පරිච්ඡේද 12ක් යටතේ සාකච්ඡා කරයි. සංගීතයෙහි නිර්වචන, සංගීත විද්‍යාවෙහි ඓතිහාසික ස්වරූපයල සිරුරෙහි මිනුම් ගණනය මත නිර්මාණය වන උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙහි ශ්රැති අන්තර හා භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙහි භාවිත තාන්පුරාවේ තාන ආකෘතිය යන පළමු පරිච්ඡේද පහ මඟින් මෙරට ගොඩනැඟී තිබෙන සංගීත දුර්මත රැසකට විද්‍යාත්මකව පිළිතුරු ලබා දෙයි. ඉතා ගැඹුරු මෙන්ම සංකීර්ණ අර්ථ විවරණයන් පාඨක මනසට ග්‍රහණය වන සේ ශාස්ත්‍රීය භාෂාව භාවිත කිරීම මේ කෘතියේ විශේෂත්වයකි.
සංගීතයෙහි ගණිතමය භාවිතයල සංගීත භාණ්ඩ වාදනයේ ජෛව යාන්ත්‍රික ස්වරූපයල මානව කටහඬෙහි කායික හා මනෝමූලික පාර්ශවල සංගීත ශ්‍රවණය හා රසවින්දනයේ ජෛවවිද්‍යාත්මක ස්වරූපයල රසවින්දනයේ ජීවවිද්‍යාත්මක පසුබිම, සංගීත භාණ්ඩ වර්ගීකරණයේ විෂය මූලික හා මනෝමූලික ස්වරූපය සහ සංගීත භාණ්ඩයෙහි ධ්වනි විද්‍යාත්මක ස්වරුපය යන පරිච්ඡේද මඟින් මේ කෘතියේ අන්තර්ගතය පෝෂණය වී ඇත. සංගීත විෂය හදාරන සියලු විද්‍යාර්ථීන්ට මෙන් ම සංගීත ආචාර්යවරුන්ට අත්පොතක් බඳු කෘතියකි. සංගීත විෂය කෙතරම් විද්‍යාත්මක භාවිතාවක් ද යන්න මේ කෘතියෙන් වටහාගත හැකි ය. එහෙයින් සංගීතය යනු හුදු ආශ්වාදනීය භාවිතාවක් නොව ගැඹුරු විද්‍යාත්මක ව්‍යවහාරයක් බව මේ කෘතියෙන් පාඨකයාට අවබෝධ වේ.