ABOUT US

C.de.S. Kulathilake Archival & Research Unit of the Faculty of Music was established in 1990 with the main purpose of providing audio & video equipment to facilitate the research conducted by the university and the preservation and continuation of the materials (Audio Visual Archiving) as a cultural heritage, and are vital elements of an institution or a nation’s collective memory, documenting the past, present and future as well as its achievements over the years

කැලණිය විශ්වවිද්‍යාලය යටතේ ස්ථාපිත වූ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙහි පර්යේෂණ ඒකකයක් පිහිටුවීම සඳහා අවධානය යොමු වූයේ අසූව දශකයෙහි දී ආචාර්ය තිස්ස කාරියවසම් මහතා ගේ මූලිකත්වයෙනි. ඒ අනුව සෞන්දර්ය අධ්‍යයන ආයතන කළමණාකරන මණ්ඩල නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය 1986 දෙසැම්බර් 31 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කර තිබේ. ඊට ලද ප්‍රතිචාරය අනුව සංගීත හා නර්තන අංශයේ පර්යේෂණ ඒකකය ස්ථාපිත කර තිබේ. තව ද 1987 මැයි 6 දිනැති ලිපිය ප්‍රකාරව ඒකක ප්‍රධාන තනතුර සඳහා (කොන්ත්‍රාත් පදනම මත) සේවයේ පිහිටුවීමට ද අනුමැතිය ලබා ඇත. ඒ අනුව 1990.08.01 දින සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පර්යේෂණ ඒකකයේ සංගීත හා නැටුම් අධ්‍යයනාංශ දෙකෙහි දේශීය සංගීත පර්යේෂණ නිලධාරි ලෙස සී. ද. එස් කුලතිලක මහතා ප්‍රථමවරට පත් කෙරිණ. සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ. ජේ. ගුණවර්ධන මහතා විසින් 1990 ජූලි 17 දා එකී පත් කිරීම සිදු කොට ඇත. මීට වසර තිස් එකකට පෙරාතුව පත් වූ ඒකක ප්‍රධානවරයාට පැවරී තිබූ රාජකාරි ලැයිස්තුව ප්‍රධාන ශීර්ෂ නවයක් යටතේ පහත පරිදි දක්වා තිබිණ.
1. ශ්‍රව්‍ය පුස්තකාලයක් ආරම්භ කිරීම, සුචිකරණය කිරීම.
2. ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංගීත පර්යේෂණ කටයුතු සඳහා යොමු කිරීම හා අවශ්‍ය උපදෙස් සහ අධීක්ෂණය සැපයීම.
3. අවශ්‍ය වුවහොත් මානව සංගීතවිද්‍යාව පිළිබඳ දේශන පැවැත්වීම.
4. අංශයට ලබාගන්නා බඩු භාණ්ඩ පිළිබඳ ඉන්වෙන්ටි්‍ර තබාගැනීම.
5. අංශයට සම්බන්ධව පුස්තකාලයට අවශ්‍ය පොත්, සඟරා මිලයට ගැනීම්, රෙකමදෝරු කිරීම.
6. ශිෂ්‍යයින් ගේ සංචාර, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය සකස් කිරීම.

7. භාණ්ඩ, ද්‍රව්‍ය ආදිය ආරක්ෂාව පාලනය හා අධීක්ෂණය කිරීම.
8. ශිෂ්‍යයින්ට පර්යේෂණ හා බාහිර කටයුතුවලට සම්බන්ධවීමට අවශ්‍ය අවස්ථා සකස් කිරීම.
9. රාජකාරී කටයුතු පිළිබඳ වාර්තාවක් මාසිකව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම.

මෙම ඒකකයෙහි ප්‍රධානියා ලෙස පළමු පත්වීම හිමි වූ කුලතිලක මහතා ගේ සේවා කාලය 1990 සිට 1994 දක්වා වෙයි. එතුමා ගේ අවදියෙහි කරන ලද පර්යේෂණ කාර්යයන් අතර ප්‍රමුඛ වූයේ ක්ෂේත්‍ර පර්යේෂණයි. එකී අධ්‍යයන අතර පිදුරංගල විහාරයේ හේවිසි වාදනය, ක`ඵන්දෑවේ සීපද, වහකෝට්ටේ නෙ`ඵම් ගී, මාතලාපිටියේ නෙ`ඵම් ගී, පොත්තපිටිය ආශ්‍රිත ජන සංගීතාංග, අම්බලන්ගොඩ රිද්දි යාගය ආදි ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතු මෙන් ම සංරක්ෂණ කටයුතු ද සිදු වූ බව පෙනී යන්නකි. ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන සමග සහයෝගිතාව වර්ධනය කිරීම මේ අවදියෙහි සිදු වූ විශාල ප්‍රගතියකි. ඔස්ලෝ විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් අන්තර් සබඳතාව මත ඇමරිකානු ඩොලර් 30,000 ක් වටිනා උපකරණ එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ලබා ගත් බව කියැවෙයි. ඒ අනුව ඔස්ලෝ විශ්වවිද්‍යාලය සමග ඇති කරගත් ගිවිසුමක් මත සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් 9 දෙනෙකුට උක්ත විශ්වවිද්‍යාලය සමග ක්‍රියාත්මක වූ හුවමාරු වැඩසටහන් අත්දැකීම් ලබාගැනීමට හැකි ව තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් ව පැවති සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙහි 1990 දශකයේ දී ස්ථාපිත වූ ‘සී. ද. එස්. කුලතිලක පර්යේෂණ ඒකකය පසුකලෙක ‘සී. ද. එස්. කුලතිලක පර්යේෂණ හා තොරතුරු ඒකකය’ ලෙසින් හඳුන්වන්නට විය. 2015 වසරේ දී ලෙස ‘සී. ද. එස්. කුලතිලක පර්යේෂණ ඒකකය සංගීත පීඨයට අනුයුක්ත ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන්නට විය. කෙසේ වුව ද සී. ද. එස්. කුලතිලක මහතා ගෙන් අනතුරුව පර්යේෂණ ඒකකයේ ඒකක ප්‍රධාන ලෙස පත්වූවෝ පස් දෙනකු වෙති.

මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු – 1994 සිට 1999
සෞන්දර්ය අධ්‍යයන ආයතන සමයේ පැවති පර්යේෂණ ඒකකයට නායකත්වය දුන් සංගීත පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකි. සංගීතවේදය හා මානවවංශ සංගීත විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමෙන් ද කිරි මඩු යාගය, නුවර කලාවිය බලි යාගය, බෙන්තර සූනියම් යාගය, කුරුණෑගල හා මොනරාගල ජන ගායන ක්ෂේත්‍ර අධ්‍යයන පටිගත කිරීම මෙකල සිදු ව තිබේ. ධ්වනි විශ්ලේෂණාත්මක කෘතියක් එළි දැක්වීම ද විශේෂිත වූවකි.

ආචාර්ය සමන් පනාපිටිය – 2000 සිට 2003
සෞන්දර්ය අධ්‍යයන ආයතන සමයේ පැවති පර්යේෂණ ඒකකයට තෙවැනිවරට නායකත්වය දුන් සංගීත පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකි. සොකරි නාටකය සහ මාතර රටයකුම ක්ෂේත්‍ර අධ්‍යයන පටිගත කිරීම මෙකල සිදු ව තිබේ.

මහින්ද සෙනෙවිරත්න – 2003 සිට 2017
සෞන්දර්ය අධ්‍යයන ආයතන සමයේ මෙන් ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් බවට පත්වීමෙන් පසු ව වුව ද පර්යේෂණ ඒකක ප්‍රධාන ලෙස සිව්වැනිවරට පත් වූ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකි. පර්යේෂණ ඒකකයෙහි වැඩිම කලක් සිටි ඒකක ප්‍රධාන මොහු වෙයි. මාතර හා බෙන්තර සන්නි යකුම, කොහොඹා කංකාරිය, කන්‍යා යාගය, සබරගමු බලි, ශාස්ත්‍රීය ගායනා හා යක්කම්, වැදි ගී ක්ෂේත්‍ර දත්ත එක්රැස් කිරීම ද දේශන සංවිධානය කිරීම ද වීඩියෝපට සංස්කරණය කිරීමේ කටයුතු සලසා දීම ද මෙකල සිදු ව තිබේ.

උදයසිරි විදානපතිරණ – 2018 මාස 3
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් බවට පත්වීමෙන් පසු ව වැඩ බලන පර්යේෂණ ඒකක ප්‍රධාන ලෙස පස්වැනි ඒකක ප්‍රධාන තනතුරට පත් වූ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙකි. උක්ත මාස තුනක කාලය තුළ සිදු වූ වැදගත්ම කාර්යයන් දෙකකි. ඉන් එකක් ලෙස නිරීක්ෂණය වූයේ ඒකකයෙහි පරිපාලන විධිමත් සඳහා කමිටුවක් ස්ථාපිත කිරීම ය. අධ්‍යයනාංශ ප්‍රධානවරුන් සය දෙනා ගෙන් මෙන් ම බාහිර සම්පත් දායක දෙදෙනකු ගෙන් මෙකී කමිටුව සමන්විත විය. දෙවැන්න නම් සී. ද. එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය සඳහා ප්‍රථම වරට ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වීම ය. පර්යේෂණ අනුකමිටු අනුමැතිය ලත් එකී ව්‍යවස්ථාව සඳහා පීඨසභා අනුමැතිය හිමි ව අති අතර, උක්ත ලේඛනය සනාථන සභාවට ද යොමු කෙරිණ. වැඩ බලන පර්යේෂණ ඒකක ප්‍රධාන සමයෙහි ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්තකාලය පවත්වා ගෙන යාම සඳහා කොහා මෘදුකාංගය ලබාගැනීමට කටයුතු කිරීම, පර්යේෂණ ග්‍රන්ථයක් සඳහා වන මූලික කටයුතු දියත් කිරීම සිදු ව තිබේ.

චානක පීරිස් – 2018 ජූලි සිට මේ දක්වා
සී.ද එස්. කූලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය ලෙස ස්ථාපිත වීමෙන් පසු ව ඒකක ප්‍රධාන ලෙස තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චානක පීරිස් මහතා සයවැනි ඒකක ප්‍රධානවරයා වෙයි. සංගීතපීඨයෙහි ශිෂ්‍ය පර්යේෂණ පරිසංවාද පැවැත්වීම, මහවැලි ජනශ්‍රැති ක්ෂේත්‍ර අධ්‍යයනය, ප්‍රාසංගික වැඩසටහන් සංවිධානය කිරීම, දේශන, වැඩමු`ඵ, සංවාද මණ්ඩප සංවිධානය කිරීම, ශාස්ත්‍රීය පර්යේෂණ සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම සහ මහවැලි ජනශ්‍රැති ක්ෂේත්‍ර අධ්‍යයනයයේ දී සපයා ගත් දත්ත ඇසුරෙහි ජනශ්‍රැති ක්ෂේත්‍ර අධ්‍යයන කෘතිය සම්පාදනයට මූලික අඩිතාලම දැමීම සහ ඒකකය සතු ව පවතින ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත කොහා මෘදුකාංගයට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු හා “නාමාවලියේ ප්‍රථම වෙළුම” කටයුතු සම්පාදනය කරමින් පැවතීම මෙම කාලය තුළ සිදු කිරීමට සමත් වූවකි.
ඉහත ඒකක ප්‍රධානීන් යටතේ පර්යේෂණ ඒකකයේ කටයුතු වසර තිහකට වැඩි එනම් දශක ත්‍රිත්වයක කාලයක් පුරා සිදු වී ඇති බව පෙනී යන්නකි.

සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ සහ පර්යේෂණ ඒකකය ස්ථාපිත වීම
පර්යේෂණ ඒකකයේ නාමය ‘සී. ද. එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය’ ලෙස නම් කරන ලද්දේ 2018 වසරේ දී ය. 2018.9.30 දින පැවැති 157 වැනි පාලක සභා අනුමැතිය අනුව සී.ද එස්. කූලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය ලෙස නම් කෙරිණි. ඒකක ප්‍රධාන ගේ කාර්යභාරය වූයේ
■ සංගීත හා ප්‍රාසංගික කලා සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනවලින් එකතුකරන දත්ත තොරතුරු සංරක්ෂණය කර තැබීම.

■ වාර්ෂිකව ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කිරීම හා ඒවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් පටිගත කර සංරක්ෂණය කිරීම හා වාර්තා තැබීම.
■ පීඨාධිපති, අංශ ප්‍රධානවරුන් ගේ නිර්දේශ මත පීඨයේ සිදු කරන පර්යේෂණ කටයුතු හා වෙනත් පටිගත කිරීම් (ශ්‍රව්‍ය, දෘශ්‍ය) සදහා සම්පත් දායකත්වය (මානව, භෞතික) ලබා දීම.
■ විශ්වවිද්‍යාල ක්‍රමෝපායික සැලැස්ම තුළ අන්තර්ගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මෙම තනතුරෙහි විෂය පථයට අදාළ වන ක්‍රියාකාරකම් සැලසුම්ගත පරිදි සිදු කිරීම සහ ප්‍රගතිය මාස 04 කට වරක් උපකුලපතිවරයා වෙත දැනුම් දීම ආදිය වෙයි.

විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රව්‍ය – දෘශ්‍ය උපකරණ සැපයීම සහ සංස්කෘතික උරුමයක් ලෙස ශ්‍රව්‍ය – දෘශ්‍ය සංරක්ෂණය හා අඛණ්ඩව පවත්වා ගෙන යෑම සිදු කෙරෙන්නකි. එකී සංරක්ෂණය තුළ ලාංකේය සංස්කෘතියේ සාමූහික මතකය ක්‍දකකැජඑසඩැ ඵැපදරහ ඇතුළත් ව පවතී. සංරක්ෂණ කටයුතුවලට අමතරව පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීමට මෙන් ම සඟරා ප්‍රකාශනයට ද මෙම ඒකකය සම්බන්ධ වී ඇත. ‘සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ සහ පර්යේෂණ ඒකකයෙහි C. De S. Kulatillake Archival & Research Unit දැක්ම සහ අරමුණු අනුව සංරක්ෂණය සහ පර්යේෂණය සඳහා විශාල කාර්යභාරයක් මෙකී ඒකකයට පැවරී තිබේ.
■ කලා හා මානව ශාස්ත්‍ර උරුමයන් සංරක්ෂණය කිරීම.
■ ශ්‍රව්‍ය, දෘශ්‍ය පුස්තකාලය පවත්වා ගෙන යාම හා සුචිකරණය කිරීම.
■ පර්යේෂකයන්ට, සිය පර්යේෂණ කාර්යයන් සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය පුස්තකාලය පරිහරණයට අවකාශය සලසා දීම.
■ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පර්යේෂණ කටයුතු සඳහා යොමු කිරීම, උපදේශනය හා අධීක්ෂණය සැපයීම.
■ ක්ෂේත්‍ර අධ්‍යයන, හා වැඩමුළු සංවිධානය කිරීම, ශිෂ්‍ය පර්යේෂණ පරිසංවාද සංවිධානය හා පැවැත්වීම.
■ විද්‍යාර්ථීන්ට පර්යේෂණ කාර්යයන් සඳහා යොමු කිරීම අරමුණු කරගෙන පර්යේෂණ කාර්යයන්හි නිරතවන විද්‍යාර්ථීන් ඇගයීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම.
■ ජර්නලය එළි දැක්වීම.
■ ඒකකය සතු භාණ්ඩ ඉන්වෙන්ටි්‍ර ගත කොට පවත්වාගෙන යාම.

උක්ත ඒකකය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි සංගීත පීඨයෙහි ස්ථාපිත ඒකකයක් වන අතර, සංගීත පීඨාධිපති ඍජු අධීක්ෂණය යටතේ පවතින ඒකකයකි. වත්මන් උපකුලපතිවරයා යටතේ මෙහි ඒකක ප්‍රධාන තනතුර ‘අධ්‍යක්ෂ’ තනතුරක් දක්වා වර්ධනය කොට තිබේ. ‘සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ සහ පර්යේෂණ ඒකකයෙහි අධ්‍යක්ෂවරයා යනු පීඨාධිපති සහ උපකුලපති හරහා පීඨ සභාවට සහ සනාථන සභාවට වගකීම දරන්නෙකු වෙයි.

VISION

  • To preserve the heritage of Arts and humanity through Audio Visual (AV) Archiving and promoting research and academic works.

  • To provide access to the AV heritage through collection, provision and promotion of access to the AV collections (include sound recordings, film and video, graphic materials, electronic resources, etc.).

  • To provide records management services to the university and preserves and provides access to the institution’s historical records.

MISSION

  • Achieve outstanding scientific research in various areas of knowledge.

  • Provide departments and campus units with efficient and timely records management AV archival services

  • Encourage distinguished research work through the creation of an attractive and stimulating environment to achieve goals of both the University and the society.

OBJECTIVES

  • Achieve outstanding scientific research in various areas of knowledge.

  • Provide departments and campus units with efficient and timely records management AV archival services

  • Encourage distinguished research work through the creation of an attractive and stimulating environment to achieve goals of both the University and the society.

  • Develop cooperation with local and international centers of research.

  • Encourage research collections to be incorporated into the teaching experience to provide unique educational and research opportunities for university students

STUDY BOARD

  •       Chair : Head of C.de.S. Kulathilake Archival & Research Unit

          Subject Expert (External) : Snr. Professor Raj Somadeva

          Members : HOD / Dept. of  North Indian Classical Music

                            HOD / Dept. of   South Indian Classical Music

                            HOD / Dept. of   Western   Music

                            HOD / Dept. of   Ethnomusicology

                            HOD / Dept. of   Musicology

                            HOD / Dept. of   Applied Arts and Mass Communication

                            Scientific Assistant / C.de.S. Kulathilake Archival & Research Unit

සී ද එස් කුලතිලක 95 වැනි ජන්ම දිනය

සී ද එස් කුලතිලක 95 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ . මානවවංශ සංගීතය මෙරටට හදුන්වා දීමට මූලික වූ එතුමා පිළිබඳ කෙටි සටහනක් මේ.

1926 දෙසැම්බර් 14 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයේ උපන් සිරිල් ද සිල්වා කුලතිලක මූලික අධ්‍යාපනය ලැබුවේ පොල්වත්ත බෞද්ධ පිරිමි පාසලෙනි. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීය. එතුමා සංගීත අධ්‍යාපනය සඳහා යොමු වූයේ 1952 වසරේදී ය. ශාන්ති නිකේතනයේ සංගීත අධ්‍යාපනය හමාර කොට 1956 දී පෙරළා දිවයිනට පැමිණියේය. මීරිගම ගුරු විද්‍යාලයේ සංගීත උපදේශකවරයා ලෙස වර්ෂ 1958 දී සේවය කර ඇති අතර, මහරගම ගුරු විද්‍යාලයේ සංගීත විෂය පිළිබඳ විෂය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වශයෙන් 1964 දී සේවය ලබා දී තිබේ. වර්ෂ 1970 දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ ඒකකයෙහි ප්‍රධානි ලෙස ජන සංගීත පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු විධිමත් කිරීමට ප්‍රමුඛව කටයුතු කළ අයෙකි. කලා මණ්ඩලයේ, සංගීත අනුමණ්ඩලයේ, ජන ගී අනුමණ්ඩලයේ සභාපති තනතුරු දරමින් ලාංකේය අස්පර්ශනීය උරුමයන් රැකගැනීමට මෙතුමා කළ කැපකිරීම අතිමහත්ය.

1970 මාර්තු මස දී සිංහල සංගීත පර්යේෂණ ඒකකයක් පිහිටුවීම ජන සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගතියට හේතු වූවකි. ඉන්දියාවේ විශ්ව භාරතීය සංගීත පීඨයේ උපාධීධාරී සී.ද.එස්. කුලතිලක මහතා එහි ප්‍රධානියා විය. ලංකාවේ පවතින පාරම්පරික ගායන වාදන පටිගත කිරීම, එකී ක්ෂේත්‍ර අධ්‍යයන දත්ත එක් රැස් කිරීම එම අංශයට අයත් ප්‍රධාන කාර්ය විය. ප්‍රාදේශීය වශයෙන් පවතින ශෛලීන් අනුව, ස්වර මාලිකා හා පද සංයෝග ක්‍රම අනුව ජන ගීත වර්ග කොට ප්‍රචාරයට සුදුසු ගායන හා වාදන ඒ සඳහා ඉදිරිපත් කිරීම, දේශීය තූර්ය වාදන භාණ්ඩ නූතන සංගීතයට උපයෝගී කොට ගත හැකි මාර්ග අත්හදා බැලීම සහ පර්යේෂණ වාර්තා එළි දැක්වීම එම අංශයට පැවරී තිබිණ. ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශ ප්‍රධානියා ලෙස 1970 වසරේ දී ඇරඹි ජීවිතය මෙරට ජන සංගීත පර්යේෂණ අංශයන්හි ආරම්භයට හේතු පාදක විය. ඔහු කළ පර්යේෂණ වැඩ සටහන් අතර, අඬහැර පෑම,ආසියාතික රටවල බෞද්ධ සජ්ජායන ක්‍රම, බෞද්ධ ගාථා ගායනය, නාඩගම් බෙර වාදන, අස්නෙ හා යාදිනි ගායනා, වේද ගීත හා ඉන්දීය සංගීත මූලාරම්භය, නාඩගම් බෙරවාදන 1,2, ලංකාවේ දවුල් වාදනය හා සබරගමු අතීත, දරු නැළවිලි ගීත, මගුල් බෙර, යාපනය අර්ධද්වීපය ජන ගී, සව්දම, ගම්ලැන් සංගීතය, මහනුවර යුගයේ සින්දු හා වීණා ගී, උඩරට වන්නම ආදිය වෙයි. මීට අමතරව ජන ගී ඇසුරින් ප්‍රති නිර්මාණ ගීත ඇතුළත් ‘මියැසිය’ නමින් වැඩ සටහනක් ද විකාශනය වී තිබේ. ප්‍රතිනිර්මාණවලින් තොරව “ජන ගායනා” නමින් වැඩ සටහනක් ද විය. කුලතිලක මහතාගේ උනන්දුව මත ගුවන් විදුලි වාදක මණ්ඩලයට පස් දෙනෙකුගෙන් සමන්විත බෙර වාදක කණ්ඩායමක් ඇතුළත් කෙරිණ. ජන ගී පර්යේෂණ රාශියක් සිදුකළ එතුමා ජන ගී වැඩියෙන් ශ්‍රාවකයින්ට ඇසීමට අවස්ථාව සලසා දෙන ලදී. මුල් අවදියේ “පර්යේෂණ ගී” නමින් විනාඩි පහළොවක වැඩ සටහනක් ද දෙසතියකට වරක් “සංගිත පර්යේෂණ” නම් වූ වැඩ සටහනක් ද ප්‍රචාරය කෙරිණි. පර්යේෂණ අංශය ලංකාවේ විවිධ පළාත්වලින් ජන ගී දහස් ගණනක් රැස් කොට ඇත. එම අංශය 1972 දී හෙළ ජන ගී නමින් ජන ගායනා වාදන ඇතුළත් තැටියක් ද, කොහොඹ කංකාරිය, කපුයක්කාරිය සහ ශ්‍රී ලංකා ජන සංගීතය යන තැටි ද ඉදිරිපත් කළේ ය.
■ හෙළ ජන ගී තැටිය
බෙර සංවාදන, ප්‍රශස්ති, තොවිල්, ලී කෙළී, වරම්, තේමා වාදන, සී පද, කමත්, ශාන්තිකර්ම, බෙර සංවාදන, නාරිලතා සිංදුව, රත්නවල්ලි, මහසොහොන් වැළපුම, රබන් ගී ඇතුළත් 33 1/3 Rpm තැටියකි.
■ කොහොඹා කංකාරිය
1982 වසරේ දී නිකුත් කර ඇති තැටියකි. මඟුල් බෙර, යක් ඇණුම, අයිලේ යැදීම, අස්නය, අනුෂ්ටිප්, මඩු පුර, කොතල පදය, ගුරුගේ මාලාව මෙම තැටියේ ඇතුළත් අංග වේ.
■ කපු යක්කාරිය
රිද්දි යාගය හෙවත් රට යකුමේ එන කපු යක්කාරි කොටසට අදාළ ගායනා මෙහි දී ඉදිරිපත් වේ. (කපු ඇට සිටුවීමේ සිට පූජා කිරීමේ අවස්ථාව දක්වා) විවිධ ගායන ශෛලීන් ඉදිරිපත් කෙරෙන අතර පහත රට බෙරය උපයෝගී කර ඇත.
■ ශ්‍රී ලංකා ජන සංගීත
1984 වසරේදී සංගීත පර්යේෂණ ඒකකය සඳහා කුලතිලක මහතා විසින් සැකසූ 33 1/3 Rpm තැටි යුගලයකි. පළමු තැටියේ නෙළුම්. නාඩගම්, සී පද, පසම්, දරු නැළවිලි, නෙළුම්, රතිරාග වන්නම, රබන්, ගිරිදේවි, වෙස්සන්තර ද ඇතූළත් ප්‍රති නිර්මාණ ද දෙවන තැටිය සඳහා විවිධ ශිල්පී දායකත්වය සමඟ මඟුල් බෙර, බලි යාග ගී, බණ ආරාධනා, මුදලි කෝලම, රබන් පද, යක් බෙර, ගැට බෙරය, බෙර සංධිවනි. තූර්්‍යය සංවාදන ඇතුළත් ප්‍රති නිර්මාණ, ගජගා වෘන්දය, කූණම් ගී, ආදිය ඉදිරිපත් වී තිබේ.
කුලතිලක මහතා සිදුකළ පර්යේෂණ ගණනාවක් ම මුද්‍රණයෙන් පළ කොට තිබීම ගුවන් විදුලි ජන සංගීත විකාශනයෙහි ප්‍රමුඛ මූලාශ්‍රය ලෙස වැදගත් වන්නකි.
■ සිංහල සංගීත පර්යේෂණ (පර්යේෂණ වාර්තා 01)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීත පර්යේෂණ අංශය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රථම සංගීත පර්යේෂණ වාර්තාව ලෙස සිංහල සංගීත පර්යේෂණ ීසබය්ක් පමිසජ රුිැ්රජය හඳුන්වා දිය හැක. එය 1972 දී නිකුත් වූ අතර, සී. ද එස්. කුලතිලක මහතාගේ සංස්කරණයකි. එහි නෙළුම් ගී, තොවිල්, ශාන්තිකර්ම ගී, රබන් ගී, තලමල ගී, සංරක්‍ෂණපට විස්තර මෙන් ම, ලංකාවේ සංගීත පර්යේෂණ මූලාශ්‍රය පිළිබඳ සඳහන් වී තිබේ.
Metre, Melodgy and Rhythm in Sinhala Music, meter in Sinhala music
අක්‍ෂර විරිත, ගී මාත්‍රා, සිව්පද, විරිත්, යති, සමුද්‍රගෝෂ විරිත, වෘත්ත ගන්ධි ශෛලිය විස්තර වෙයි.
melody and song

මේ යටතේ නෙළුම් ඕස, වන්නම්, සව්දම්, ප්‍රශස්ති, විරුද, තුන්සරණය, මංගල අෂ්ටක, පසම්, කන්තාරු, සින්දු වන්නම්, කංකාරිය, තොවිල්, කෝලම්, නාඩගම් ආදිය පිළිබඳ විස්තර කර තිබේ.
Rhythm and Drum music
මේ යටතේ පංචතූර්ය සංගීත භාණ්ඩ, හේවිසි, ගැටබෙර, රුහුණු බෙර, දවුල්, තම්මැට්ටම, සිංහල තිත් ක්‍රමය, මගුල් බෙර ක්‍රමය ආදී තොරතුරු ඇතුළත් වේ.ජන සංගීත සිද්ධාන්ත
පර්යේෂණ වාර්තා 03 ලෙස ඉදිරිපත් කර තිබේ. ජන සංගීතය, වේද ගීතය, ලංකාවේ බෞද්ධ සජ්ජායනා, ග්‍රෙගෝරියන් චාන්ට් හෙවත් දේව ගීතිකාව, තොවිල් ශාන්තිකර්මවලට බලපෑ ගී විරිත, සමුද්‍රගෝෂ විරිත, සීපද ගායන චාරිත්‍ර, ලංකාවේ පසන් ගීත, සිංහල වන්නම්, රබන් සෙල්ලම, මගුල් බෙර යන මාතෘකා විස්තරාත්මකව මෙම කෘතියේ අන්තර්ගතය.
■ දහ අට වන්නම
පර්යේෂණ වාර්තා අංක 04 ලෙස ඉදිරිපත් වූ මෙහි වන්නම් පුරා වෘත්තය, භාරත නාට්‍යම වර්ණම් හා සිංහල තුරඟ වන්නම්, ද්‍රවිඩ වන්නම්, ශබ්ද ඡන්දස හා වන්නම්, වෘත්ත යන මාතෘකා පිළිබඳ සාකච්ඡා කෙරේ. දහ අට වන්නම පිළිබඳව ද විස්තර දැක්වෙයි.
■ The heritage of music in Mahaweli Settlements

මහවැලි ප්‍රජා ගුවන් විදුලිය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි පර්යේෂණ ඒකකය එක්ව 1984 වසරේ දී පටිගත කළ ජන ගී ඇසුරින් ඒ පිළිබඳ විස්තර ඇතුළත් ග්‍රන්ථයකි. මහවැලි යෝජනා ක්‍රමය ඇති කිරීමත් සමඟ මහවැලි නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී පාරම්පරික සංගීතය රැක ගැනීමේ අරමුණින් එය ක්‍රියාත්මක විය. “ගමේ අපි” නමින් පැය භාගයක වැඩ සටහනක් ලෙසින් ප්‍රචාරය විය. සංගීත පර්යේෂණ අංශය විසින් දිගු කළක් එක් රැස් කළ ජන ගී ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතියක් 1987 දී ආරම්භ කර ඇත.

මෙලෙස කෞතුක අගය, අධ්‍යාපනය සහ රසාස්වාදය අරමුණු කොට ගනිමින් ජන ගී එකතු කිරීම , වර්ග කිරීම, සංරක්ෂණය කිරීම, එකී දැනුම ප්‍රචලිත කිරීම, ශ්‍රව්‍ය දෘශ්‍යපට සහ ලේඛන මගින් දැනුම බෙදා හැරීම සිදු කොට ඇත.

කැලණිය විශ්වවිද්‍යාලය යටතේ ස්ථාපිත වූ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙහි පර්යේෂණ ඒකකයක් පිහිටුවීම සඳහා අවධානය යොමු වූයේ අසූව දශකයෙහි දී ආචාර්ය තිස්ස කාරියවසම් මහතා ගේ මූලිකත්වයෙනි. ඒ අනුව සෞන්දර්ය අධ්‍යයන ආයතන කළමණාකරන මණ්ඩල නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය 1986 දෙසැම්බර් 31 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යොමු කර තිබේ. ඊට ලද ප්‍රතිචාරය අනුව සංගීත හා නර්තන අංශයේ පර්යේෂණ ඒකකය ස්ථාපිත කර තිබේ. තව ද 1987 මැයි 6 දිනැති ලිපිය ප්‍රකාරව ඒකක ප්‍රධාන තනතුර සඳහා (කොන්ත්‍රාත් පදනම මත) සේවයේ පිහිටුවීමට ද අනුමැතිය ලබා ඇත. ඒ අනුව 1990.08.01 දින සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පර්යේෂණ ඒකකයේ සංගීත හා නැටුම් අධ්‍යයනාංශ දෙකෙහි දේශීය සංගීත පර්යේෂණ නිලධාරි ලෙස සී. ද. එස් කුලතිලක මහතා ප්‍රථමවරට පත් කෙරිණ. සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ. ජේ. ගුණවර්ධන මහතා විසින් 1990 ජූලි 17 දා එකී පත් කිරීම සිදු කොට ඇත. මීට වසර තිස් එකකට පෙරාතුව පත් වූ ඒකක ප්‍රධානවරයාට පැවරී තිබූ රාජකාරි ලැයිස්තුව ප්‍රධාන ශීර්ෂ නවයක් යටතේ පහත පරිදි දක්වා තිබිණ.
1. ශ්‍රව්‍ය පුස්තකාලයක් ආරම්භ කිරීම, සුචිකරණය කිරීම.
2. ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංගීත පර්යේෂණ කටයුතු සඳහා යොමු කිරීම හා අවශ්‍ය උපදෙස් සහ අධීක්ෂණය සැපයීම.
3. අවශ්‍ය වුවහොත් මානව සංගීතවිද්‍යාව පිළිබඳ දේශන පැවැත්වීම.
4. අංශයට ලබාගන්නා බඩු භාණ්ඩ පිළිබඳ ඉන්වෙන්ටි්‍ර තබාගැනීම.
5. අංශයට සම්බන්ධව පුස්තකාලයට අවශ්‍ය පොත්, සඟරා මිලයට ගැනීම්, රෙකමදෝරු කිරීම.
6. ශිෂ්‍යයින් ගේ සංචාර, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය සකස් කිරීම.

7. භාණ්ඩ, ද්‍රව්‍ය ආදිය ආරක්ෂාව පාලනය හා අධීක්ෂණය කිරීම.
8. ශිෂ්‍යයින්ට පර්යේෂණ හා බාහිර කටයුතුවලට සම්බන්ධවීමට අවශ්‍ය අවස්ථා සකස් කිරීම.
9. රාජකාරී කටයුතු පිළිබඳ වාර්තාවක් මාසිකව අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම.

මෙම ඒකකයෙහි ප්‍රධානියා ලෙස පළමු පත්වීම හිමි වූ කුලතිලක මහතා ගේ සේවා කාලය 1990 සිට 1994 දක්වා වෙයි. එතුමා ගේ අවදියෙහි කරන ලද පර්යේෂණ කාර්යයන් අතර ප්‍රමුඛ වූයේ ක්ෂේත්‍ර පර්යේෂණයි. එකී අධ්‍යයන අතර පිදුරංගල විහාරයේ හේවිසි වාදනය, ක`ඵන්දෑවේ සීපද, වහකෝට්ටේ නෙ`ඵම් ගී, මාතලාපිටියේ නෙ`ඵම් ගී, පොත්තපිටිය ආශ්‍රිත ජන සංගීතාංග, අම්බලන්ගොඩ රිද්දි යාගය ආදි ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතු මෙන් ම සංරක්ෂණ කටයුතු ද සිදු වූ බව පෙනී යන්නකි. ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථාන සමග සහයෝගිතාව වර්ධනය කිරීම මේ අවදියෙහි සිදු වූ විශාල ප්‍රගතියකි. ඔස්ලෝ විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් අන්තර් සබඳතාව මත ඇමරිකානු ඩොලර් 30,000 ක් වටිනා උපකරණ එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ලබා ගත් බව කියැවෙයි. ඒ අනුව ඔස්ලෝ විශ්වවිද්‍යාලය සමග ඇති කරගත් ගිවිසුමක් මත සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් 9 දෙනෙකුට උක්ත විශ්වවිද්‍යාලය සමග ක්‍රියාත්මක වූ හුවමාරු වැඩසටහන් අත්දැකීම් ලබාගැනීමට හැකි ව තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් ව පැවති සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙහි 1990 දශකයේ දී ස්ථාපිත වූ ‘සී. ද. එස්. කුලතිලක පර්යේෂණ ඒකකය පසුකලෙක ‘සී. ද. එස්. කුලතිලක පර්යේෂණ හා තොරතුරු ඒකකය’ ලෙසින් හඳුන්වන්නට විය. 2015 වසරේ දී ලෙස ‘සී. ද. එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය සංගීත පීඨයට අනුයුක්ත ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන්නට විය.
මානවංශ සංගීතයේ විවිධ පැතිකඩ ලාංකිකයන්ට හදුන්වා දෙමින්, විෂය ප්‍රචලිත කරමින්, පර්යේෂණය සහ සංරක්ෂණය කරමින් සිය ජීවිතය කැප කළ මෙතුමා , 2005 මැයි මස 21 වැනිදා අප අතරින් සමු ගත්තේය. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුළ මෙන්ම ලාංකේය ජන සංගීතය තුළ එතුමා සදාකල්හි මතකේ පවතිනු ඇත.
ඉරංගා සමින්දනී වීරක්කොඩි
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.