Upcoming Events

Past Events

Topic: කොටහළු යාගයෙහි අස්පර්ශනීය සංස්කෘතික වටිනාකම

Time: Mar 31, 2022 07:00 PM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting

Meeting ID: 471 846 3194

Passcode: ICHvpa@4

සී. ද. එස්. කුලතිලක අනුස්මරණය;
සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි ශාස්ත්‍රීය සඟරාව එළිදැක්වීමේ උළෙල

සී. ද. එස්. කුලතිලක අනුස්මරණය;
සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි ශාස්ත්‍රීය සඟරාව එළිදැක්වීමේ උළෙල

2021.12.14 පෙරවරු 9.30 සිට 11.30 දක්වා

සංවිධානය
සී. ද එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය
සංගීත පීඨය

සී. ද එස් කුලතිලක 95 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමා ගේ කාර්යභාරය ප්‍රත්‍යාවලෝකනය කිරීමත් සමග මෙම උළෙල ආරම්භ කෙරිණ. සී. ද එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි අධ්‍යක්ෂතුමිය පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම සිදු කරන ලදී. කෘතිය පිළිබඳ දෙසුම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා විසින් සිදු කිරීමෙන් අනතුරුව කෘතිය පිළිගැන්වීම සිදු විය. සංගීත පීඨයේ පීඨාධිපති ආචාර්ය සමන් පනාපිටිය මහතා, සඟරාවෙහි ප්‍රධාන සංස්කාරක මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු මහතා, සඟරාවෙහි සම්බන්ධීකරණ සංස්කාරක ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චානක පීරිස් මහතා සහ උපදේශක මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චිල්ටස් දයාවංශ මහතා මෙහිදී කෙටි දෙසුම් පවත්වන ලදී. ස්තූති කතාව විද්‍යාත්මක සහකාර නිලූකා තිලකරත්න මහත්මිය ගේ ස්තූති කතාවත් සමග වැඩසටහන නිමා විය. ශාස්ත්‍රීය සඟරාව එළි දැක්වීමේ උළෙල සඳහා නිල අවසරය ලබා දුන් පීඨාධිපති, ආචාර්ය සමන් පනාපිටිය මහතාට ද සංවිධායක කටයුතු සඳහා අනගි සහයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චන්ද්‍රලාල් අමරකෝන් මහතා ප්‍රමුඛ අසෙල මුදිත, තරිඳු, තිවංක අලගල්ල ආදීන්ට කෘතඥතාව හිමිවිය යුතු වේ.
ඒකකයෙහි අධ්‍යක්ෂ සහ විද්‍යාත්මක සහකාර නිලූකා තිලකරත්න විසින් ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල සංවිධානය කරන ලදී. එම අවස්ථාවෙහි ගත් ඡායාරූප කිහිපයක් මෙහි ඇතුළත්ව ඇත

සී. ද එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි
වෙබ් අඩවිය එළි දැක්වීම 2021.12.14

සී. ද එස් කුලතිලක විද්වතා ගේ කාර්යභාරය ප්‍රත්‍යාවලෝකනය කිරීමත්, ශාස්ත්‍රීය සඟරාව එළිදැක්දැක්වීමත් උදෙසා සංවිධානය වුණු උළෙලට සමගාමීව දින සී. ද එස් කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකයෙහි වෙබ් අඩවිය එළි දැක්විණි. උක්ත අවස්ථාව නිරූපණය කරන ඡායාර ෑප කිහිපයක් පහත දැක්වෙයි.